නාද්‍යාගේ Minarets නාදය: “ඉස්ලාමීය සද්දයක්ද? සිනමා සද්දයක්ද? NGO සද්දයක්ද? ” – බූපති නලින් වික්‍රමගේ

වාර්තා චිත්‍රපටයක් තවදුරටත් වාර්තාවකටම ඌණනය විය යුතු නැත. සිනමාව තවදුරටත් සමාජ විද්‍යාවේ කාර්යභාරය ද ඉටු කළ යුතු ද නැත. සමාජ විද්‍යාත්මක තොරතුරු සාධනය යනු තවදුරටත් වාර්තා සිනමාවේ ප්‍රකාශිත ආඛ්‍යානයක් නොවේ. වාර්තාවක් වූව ද එය හුදු නිශ්ක්‍රීය වාර්තාවක් නොව, එමගින් හෙළිදරව් වන තොරතුරු හරහා දැනටමත් අප නිර්මාණය කරගෙන තිබෙනා “ව්‍යාජ සමස්තයන්” කළඹවන සෞන්දර්යාත්මක වාර්තාවක් විය හැක.… Continue reading නාද්‍යාගේ Minarets නාදය: “ඉස්ලාමීය සද්දයක්ද? සිනමා සද්දයක්ද? NGO සද්දයක්ද? ” – බූපති නලින් වික්‍රමගේ

වෝල්ටර් බෙන්යමින්ගේ “ඉතිහාසය යන සංකල්පය පිළිබඳ තීසිස”

පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න   පරිවර්තකයාගෙන් සටහනක් 1940 වසරේ ප්‍රංශයේ විචී රෙජීමයෙන් ද නාසි ගෙස්තාපෝ හමුදාවෙන් ද පලායන අතරතුර, යුදෙව්වෙක් මෙන්ම මාක්ස්වාදියෙක් ද වූ වෝල්ටර් බෙන්යමින් (1892-1940)[1] සිය අවසාන සම්පූර්ණ කෘතිය ලියා නිම කළේ ය. ඉන් මාස කිහිපයකට පසු, එනම්, 1940 සැප්තැම්බර් මාසයේ, නාසි හමුදාවෙන් ගැලවීමක් නැතැයි පසක් කරගත් බෙන්යමින් ස්පාඤ්ඤ-ප්‍රංශ දේශසීමාව අසළ පිහිටි කුඩා නගරයක… Continue reading වෝල්ටර් බෙන්යමින්ගේ “ඉතිහාසය යන සංකල්පය පිළිබඳ තීසිස”

සාහිත්‍යකලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප්‍රදානය

උදේනි ජයවීර   මේ ලිපිය 2023 මාර්තු මස 30 වෙනි දිනට යෙදුණු මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ අභාවයේ දසවෙනි සංවත්සරය නිමිත්තෙනි.   සුචරිත ගම්ලත් සාහිත්‍යකලා ක්ෂේත්‍රයෙහි විවිධ සේවාවන් රැසක් කළ බුද්ධිමතෙකි. එහෙත් ඒ සියල්ල අතුරින් බලවත්ව නැගී සිටින්නේ සාහිත්‍යකලා න්‍යායට හා විචාරයට ඔහු කළ සේවාවයි. එම සේවාවේ එක් අංශයක් ඉතා සැකෙවින්  විමසා බැලීම මේ ලිපියේ අරමුණයි. වර්ෂ… Continue reading සාහිත්‍යකලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප්‍රදානය

ශිල්පකලාවන්ගේ වටිනාකම් උභතෝකෝටිකය: තලගුණේ රෙදි වියමනෙහි වටිනාකම පිළිබඳ දේශපාලන ආර්ථික විමර්ශනයක්

සුලාරි ද සිල්වා   හැදින්වීම තලගුණේ රෙදි වියමන දැනට ජීවමාන ස්වරූපයෙන් පවතින ලංකාවේ ඉපැරණිම රෙදි වියමන් සම්ප්‍රදායයි. මහනුවර දිස්ත්‍රික්කයේ දුම්බර මිටියාවතෙහි පිහිටි තලගුණේ නම් ගම්මානයෙහි ජීවත්වන පාරම්පරික පේශකාර්මික ශිල්ප ප්‍රජාවක් විසින්, සියවස් දෙකකටවත් අධික කාලයක සිට මෙම රෙදි වියමන සිය ජීවිකාව ලෙස පවත්වාගෙන එනු ලැබේ. මේ ලිපියෙන් අවධානය යොමු කෙරෙන්නේ “සාම්ප්‍රදායික ගැමි ශිල්පකලාවන්ගේ ‘වටිනාකම’ හා… Continue reading ශිල්පකලාවන්ගේ වටිනාකම් උභතෝකෝටිකය: තලගුණේ රෙදි වියමනෙහි වටිනාකම පිළිබඳ දේශපාලන ආර්ථික විමර්ශනයක්

ආකයිවය ගොඩනැගීම: මිනෙට් ද සිල්වා, ගෘහ නිර්මාණ ශිල්පය, සහ ඉතිහාසය[1]

අනූරාධා අයියර් සිද්දිකී පරිවර්තනය: කෞමදි ජයවීර සාරසංක්ෂේපය: මෙම ලිපිය කලා ශිල්ප හරහා උරුමය මෙන්ම ඓතිහාසික අරුත් පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කළ මිනෙට් ද සිල්වාගේ නිර්මාණ සම්බන්ධයෙනි. ඇගේ රූපමය ස්වයං-චරිතාපදානය වන The Life and Work of an Asian Woman Architect හරහා ද සිල්වාගේ නිර්මාණ එකතුවේ ඇති ගොඩනැගිලි, ලිවීම් හා ඉගැන්වීම්, සහ නිර්මාණ සැලසුම් හා අත්කම් මෙහි… Continue reading ආකයිවය ගොඩනැගීම: මිනෙට් ද සිල්වා, ගෘහ නිර්මාණ ශිල්පය, සහ ඉතිහාසය[1]

විවිධ ක්ෂේත්‍ර තුළ “ආකයිවය” පිළිබඳ න්‍යාය[1] – මාර්ලීන් මෑනොෆ්

පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න සාරසංක්ෂේපය: පසුගිය දශකය තුළ බොහෝ අධ්‍යයන ක්ෂේත්‍ර තුළින් ආකයිවය පිළිබඳ නිර්මාණශීලී හා වැදගත් න්‍යායාත්මක සංකල්පන ඉදිරිපත් වී ඇත. ඩෙරිඩා හා ෆූකෝ ඇතුළු බොහෝ මානව ශාස්ත්‍රඥයින් හා සමාජ විද්‍යාඥයින් ආකයිවයේ ස්වභාවය පිළිබඳ පුළුල් අන්තර්-ක්ෂේත්‍රීය සාකච්ඡාවක් අරඹා තිබේ. ඓතිහාසික හා ශාස්ත්‍රීය වාර්තාවේ කෘත්‍යය හා ඉරණම පිළිබඳව විද්‍යාර්ථීන්ගේ, ලේඛනාරක්ෂකයින්ගේ, සහ පුස්තකාලාධි-පතීන්ගේ සිත් යොමු වී ඇති… Continue reading විවිධ ක්ෂේත්‍ර තුළ “ආකයිවය” පිළිබඳ න්‍යාය[1] – මාර්ලීන් මෑනොෆ්

කොළඹ කතිකා 1: තීව්‍ර සමාජ අර්බුද සහිත වකවානුවක සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍රයන්හි කාර්යභාරය

කොළඹ විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍ර පීඨය මඟින් සංවිධානය කරන්නට යෙදුනු විද්වත් සංවාද මාලාවක පළමු දිගහැරීම ලෙස කොළඹ කතිකා පළමු වැඩසටහන 2022 ජුනි මස 10 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේදී පැවැත්විණි. “තීව්‍ර සමාජ අර්බුද සහිත වකවානුවක සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍රයන්හි කාර්යභාරය” යන තේමාව පාදක කරගනිමින් මෙම සාකච්ඡාව සිදු වූ අතර සංවාදය මෙහෙයවීම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි… Continue reading කොළඹ කතිකා 1: තීව්‍ර සමාජ අර්බුද සහිත වකවානුවක සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍රයන්හි කාර්යභාරය

විසම්මුතික ස්මරණය සහ ප්‍රජාතාන්ත්‍රික පුරවැසිභාවය: සන්ධ්‍යා එක්නැලිගොඩ සහ යුක්තිය සඳහා ඇගේ අරගලය – චූලනී කොඩිකාර

පරිවර්තනය: රදිකා ගුණරත්න  සන්ධ්‍යා එක්නැලිගොඩ, 2022 ජනවාරි 25.[1] මාධ්‍යවේදියකු, කාටුන් ශිල්පියකු සහ දේශපාලන ක්‍රියාධරයකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි 24 දා රාත්‍රී 8.30 ත් 9 ත් අතර කාලය තුළ අතුරුදන් වූයේ ඔහුගේ මිතුරන් හෝ පවුල නොදන්නා යම්කිසි අයකු හමුවීමට යමින් සිටියදී ය. අතුරුදන් වූ දිනයේ ප්‍රගීත් උදෑසනම නිවසින් පිටත්ව ගොස් ඇති අතර, රාත්‍රී 9.30 වන… Continue reading විසම්මුතික ස්මරණය සහ ප්‍රජාතාන්ත්‍රික පුරවැසිභාවය: සන්ධ්‍යා එක්නැලිගොඩ සහ යුක්තිය සඳහා ඇගේ අරගලය – චූලනී කොඩිකාර

නූතනකේන්ද්‍රවාදය සහ ඉතිහාසයේ සත්‍යයන් දෙකක්: සංකල්පනීය කුරුට්ටක් – අමරු සත්තසායි

… කථනය පිළිබඳ යමක් මෙතැන පරදුවට තබා ඇත. ගලායාමක් වන්නට තිබුණු දෙයක් තුළ තමා ගලා නොයන මුරණ්ඩු ගැටයක් යැයි කතා කෙරෙන්නෙකුට හැඟෙනවානම්, ඌ කෙසේ නම් කතා කරන්න ද? මෙතැන “කෙරෙන්නා” යනු “සබ්ජෙක්ට්” යන ඉංග්‍රීසි වචනයට සමතුල්‍ය යෙදෙමුකි: කෙරෙන්නා අතින් යම්කිසි ක්‍රියාවක් කෙරෙයි; යම් ක්‍රියාවලියක් විසින් කෙරෙන්නාව ද කරවනු ලබයි. ඉතිං මෙම කෙරෙන්නා කෙසේ කතා කරන්න… Continue reading නූතනකේන්ද්‍රවාදය සහ ඉතිහාසයේ සත්‍යයන් දෙකක්: සංකල්පනීය කුරුට්ටක් – අමරු සත්තසායි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: ව්‍යාප්ත වෙමින් පවතින මානුෂීය හදිසි තත්ත්වය සඳහා ස්ත්‍රීවාදී ප්‍රතිචාරයක් – ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය

අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති සහ අඛණ්ඩ දූෂිත පාලනයේ ඉතිහාසය ශ්‍රී ලංකාව මේ වන විට නිදහස ලබා ගැනීමන් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටියි. ඉන්ධන ඇතුළු බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ගෙවීමට විදේශ විනිමය සංචිත හිඟයකට රට පත්ව ඇති අතර එය රටේ ආර්ථිකයේ ක්‍රියාකාරිත්වයටත් එහි ජන ජීවිතය අඩාල කිරීමටත් බලපාන්නේ ය. ශ්‍රී ලංකාව ද්‍රවශීලතා අර්බුදයක… Continue reading ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: ව්‍යාප්ත වෙමින් පවතින මානුෂීය හදිසි තත්ත්වය සඳහා ස්ත්‍රීවාදී ප්‍රතිචාරයක් – ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය