නවලිබරල්වාදය සහ ‘නගරයට ඇති අයිතිය’: මෑතකාලීන කොළඹ නාගරික අවකාශමය නවීකරණයෙහි බහිෂ්කරණය – හසිනි ලේකම්වසම්

හැඳින්වීම ‘නගරයට ඇති අයිතිය’ පිළිබඳව බොහෝ දේ රචනා වී ඇත. හෙන්රි ලෆේව්’ගෙන් ඇරඹි මේ වටිනා සහ වැදගත් කතිකාව තුළ නාගරීකරණයේ ඵල භුක්ති විඳීමට අයිතිය ඇත්තේ කාට ද යන්න පිළිබඳව අති මූලික ආකාරයේ ප්‍රශ්න ගණනාවක් මතුකොට තිබේ. එහෙත් ඊටත් පෙර අවධානයට ලක් විය යුතු ප්‍රශ්නයක් වන්නේ...

සදාතනික වර්තමානය’ විකිණීමට තිබේ..! අනාගතය අදයි’..! – විදර්ශන කන්නන්ගර

ඇතුළත පිටත ද? පිටත ඇතුළත ද? කලාවේ ආකෘතිය යනු පිට කවරයක් වැනි බාහිර ආවරණයත් වන බවත් එහි අන්තර්ගතය යනු ඇතුළත මදය වැනි යමක් බවත් තවමත් කලාව කියවීමේ අධිපති මතවාදය ලෙස පවතී. විචාර නාමයෙන් දශක ගණනාවක් තිස්සේ ඇහෙන මේ විකාරයට අශෝක හඳගමගේ කලාත්මක භාවිතය විසින් අභියෝගයක්...

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: ව්‍යාප්ත වෙමින් පවතින මානුෂීය හදිසි තත්ත්වය සඳහා ස්ත්‍රීවාදී ප්‍රතිචාරයක් – ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය

අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති සහ අඛණ්ඩ දූෂිත පාලනයේ ඉතිහාසය ශ්‍රී ලංකාව මේ වන විට නිදහස ලබා ගැනීමන් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටියි. ඉන්ධන ඇතුළු බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ගෙවීමට විදේශ විනිමය සංචිත හිඟයකට රට පත්ව ඇති අතර එය රටේ ආර්ථිකයේ...

නූතනකේන්ද්‍රවාදය සහ ඉතිහාසයේ සත්‍යයන් දෙකක්: සංකල්පනීය කුරුට්ටක් – අමරු සත්තසායි

… කථනය පිළිබඳ යමක් මෙතැන පරදුවට තබා ඇත. ගලායාමක් වන්නට තිබුණු දෙයක් තුළ තමා ගලා නොයන මුරණ්ඩු ගැටයක් යැයි කතා කෙරෙන්නෙකුට හැඟෙනවානම්, ඌ කෙසේ නම් කතා කරන්න ද? මෙතැන “කෙරෙන්නා” යනු “සබ්ජෙක්ට්” යන ඉංග්‍රීසි වචනයට සමතුල්‍ය යෙදෙමුකි: කෙරෙන්නා අතින් යම්කිසි ක්‍රියාවක්...

විසම්මුතික ස්මරණය සහ ප්‍රජාතාන්ත්‍රික පුරවැසිභාවය: සන්ධ්‍යා එක්නැලිගොඩ සහ යුක්තිය සඳහා ඇගේ අරගලය – චූලනී කොඩිකාර

 සන්ධ්‍යා එක්නැලිගොඩ, 2022 ජනවාරි 25.[1] මාධ්‍යවේදියකු, කාටුන් ශිල්පියකු සහ දේශපාලන ක්‍රියාධරයකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි 24 දා රාත්‍රී 8.30 ත් 9 ත් අතර කාලය තුළ අතුරුදන් වූයේ ඔහුගේ මිතුරන් හෝ පවුල නොදන්නා යම්කිසි අයකු හමුවීමට යමින් සිටියදී ය. අතුරුදන්...