දෘෂ්‍ය කලා අධ්‍යයන

Category:

Description

ශ්‍රි ලාංකික කලා සහ සංස්කෘතික  පරිමණ්ඩලය තුළ තවමත් දෘශ්‍ය සංස්කෘතිය නම් ඥාණ ශාLdව සැලකෙන්නේ අලුත් දෙයක් හැටියටය.ගත වු අවුරුදු දහය තුළ උපත ලබා පරිණත වු මෙම බහුවිධ ඥාණ ෙක්‍ෂත‍්‍රය ගැන අප ලියන්නේත් කථා කරන්නේත් ඉතාම අඩුවෙන් ය. මේ ඤාණ ශාඛාව හෙවත් ශික්‍ෂණය ඔස්සේ අපි දෘශ්‍යතාවයේ ඉතිහාසයත් න්‍යායත් සිතියම්ගත කරන්නෙමු. ඒ වාගේම පින්තාරුවේ සිට වෙබ් අඩවිය දක්වා දිගෑරෙන දෘෂ්‍යභාවයේ සංස්කෘතිය ද සිතියම්ගත කරන්නෙමු. එපමණකින් නොනැවති අපගේ අද්‍යකාලීන දෛනික ජිවිතය තුළ දෘෂ්‍ය මාධ්‍ය මෙතරම් කේන්‍දික වි තිබෙන්නේ මන්දැ’යි කියාත්  අපි අසන්නෙමු. දෘෂ්‍ය සංස්කෘතිය පිළිබද න්‍යායය අපට කියා සිටින්නේ දැන් දැන් වැඩි වැඩියෙන් ලෝකය තේරුම් ගැනිමේ මුලික මාර්ගෝපදේශකයා බවට පඨිතය නොව දෘශ්‍යය පත් වි ගෙන එන බවයි.

මෙම ලිපි සමුච්චය උත්සහගන්නේ මතු කියැවුණු දෘශ්‍යයයේ සහා දෘශ්‍යකරණයේ සංස්කෘතික දේශපාලනය පාඨනය කිරිමටය.