Jathiya, Jathikavadaya saha Jathika-Rajya

Category:

Description

සමකාලීන ලෝකයේ දේශපාලන අරගලවල ප‍්‍රධාන තේමාවක් මෙන්ම බලවේගයක්ද වී තිබෙන්නේ ”ජාතිය” යන්නයි. ජාතිකවාදය මනුෂ්‍යවර්ගයාගේ දේශපාලන ඉරණමට මහත් සේ බලපා ඇති දේශපාලන හා සමාජ ව්‍යාපාර බිහිකිරීමට තුඩුදුන් මතවාදයක් ද වේ. ”ජාතික-රාජ්‍ය” වර්තමාන ලෝකයේ මනුෂ්‍යවර්ගයා දේශපාලන වශයෙන් සංවිධානය වී තිබෙන රාජ්‍ය ඒකක හඳුන්වන සංකල්පයකි.

වර්තමාන ලෝකයේ දේශපාලන ව්‍යාපාර හා පරිවර්තන තේරුම් ගැනීමට නම් ජාතිය, ජාතිකවාදය හා ජාතික-රාජ්‍යය පිළිබඳ පුළුල් අවබෝධයක් අවශ්‍ය වේ. මෙම පොතේ අරමුණ, එවැනි ගැඹුරු අවබෝධයක් පාඨකයන්ට ලබාදෙන ගමන්ම, අප සමාජයේ දේශපාලන විඥානය තියුුණු කිරීමටද දායකත්වයක් සැපයීමයි. උසස් පෙළ සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ටද, දේශපාලන හා සමාජ ක‍්‍රියාකාරිකයන්ටද, දේශපාලනය ගැන උනන්දුවක් දක්වන පුරවැසියන්ටද මේ පොත ප‍්‍රයෝජනවත්ය.