සමාජ න්‍යාය සහ භාවිතය; දකුණේ කැරැල්ල සහ ශ්‍රී ලංකාවේ කැරළිකාරී දේශපාලනයේ අනාගතය

Category:

Description

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලාංකික දේශපාලනයේ ඉතාමත් සංකිර්ණ  වූ ප්‍රපංචයකි. ගතවූ කාලයේ දී මෙන්ම නුදුරු කාලයේ දීද ශ්‍රී ලංකාවේ සමාජය හා දේශපාලනය තුල ජවිපෙට පැවැත්ම ලබා දුන් හා ලබා දෙන භව්‍යතාවයන් හා අවකාශයන් මොනවාද? ශ්‍රී ලංකාවේ දකුණුකරය තුළ සන්නද්ධවාදී දේශපාලනයට ඇති ඉඩකඩ දැන් ඉතාමත් අඩුය. එබැවින් ජවිපෙ තම භූමිකාව ලෙස ආන්තික සමාජ කණ්ඩායම්වල දුක්ගැනිවිලි අපේක්ෂාවන් සංයුක්තගත කිරීම පිළිගන්නවා නම් ඔවුන් පූර්ණ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් රැඩිකල් ප්‍රතිසංස්කරණවාදී බලවේගයක් බවට පත්විය යුතුය.පුර්ණ ප්‍රතිසංස්කරණවාදී න්‍යාය පත්‍රයක් වර්ධනය කළ යුතු අතර නැවත වරක් රාජ්‍ය බලය අල්ලා ගැනීමට උත්සහා නොකළ යුතුය. ඒවිට ඊණියා තුන්වැනි බලවේගයේ දේශපාලන අවකාශය තුළ රැදී සිටින්නට ජවිපෙට හැකියාව තිබේද? මහාචාර්ය ජයදේව උයන්ගොඩ දකුණේ කැරැල්ල සහ ශ්‍රී ලංකාවේ කැරළිකාරී දේශපාලනයේ අනාගතය නම් ලිපියෙන් කතිකා කරන්නේ ඒවැනි ආස්ථාන පිළිබදවය.  ‍