ප්‍රවාද පිළිබඳව

ප්‍රවාද පිළිබඳව

චාල්ස් අබේසේකර, කුමාරි ජයවර්ධන සහ ජයදේව උයන්ගොඩගේ මූලිකත්වයෙන් 1991 වසරේ ආරම්භ කළ ප්‍රවාද, සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ සිංහල මාධ්‍ය සඟරාවයි. 1991 සිට 2003 දක්වාත්, 2011 සිට 2013 දක්වාත්, 2020 සිට අද දින දක්වාත් එහි ප්‍රකාශනය අවධි තුනක් යටතේ හඳුනාගත හැක.

ඉතිහාසය, දේශපාලන විද්‍යාව, මානව විද්‍යාව, සාහිත්‍යය, සමාජ වාග් විද්‍යාව, දර්ශනය යනාදී විෂයන් තුළ කෙරෙන ශාස්ත්‍රීය නියැලීම් මෙන්ම, කලාව, සංස්කෘතිය හා පොදු සමාජීය කතිකාව සම්බන්ධයෙන් වන විචාරශීලී සහ නිර්මාණාත්මක මැදිහත්වීම් සඳහා කැප වූ නිදහස් ශාස්ත්‍රීය අවකාශයකි ප්‍රවාද. ඒ අනුව, පර්යේෂණ ලිපි, ශාස්ත්‍රීය රචනා, ග්‍රන්ථ විමර්ශන, නිර්මාණාත්මක ලේඛන, සම්මුඛ සාකච්ඡා, ක්ෂේත්‍ර සටහන් සහ ඡායාරූප රචනා සඳහා මෙම සඟරාව විවෘත ය.    

ආරම්භක අවධියේ සිට ප්‍රවාද සහ එහි සමගාමී ඉංග්‍රීසි මාධ්‍ය සඟරාව වන Polity ජයදේව උයන්ගොඩ, චාල්ස් අබේසේකර, නිර්මාල් රංජිත් දේවසිරි, කුමාරි ජයවර්ධන, රංජිත් පෙරේරා, ශානි ජයවර්ධන, ලක්මාලි ගුණවර්ධන, විවිමරී වැන්ඩර්පූට්න්, රසිකා චන්ද්‍රසේකර, මොරීනා පෙරේරා, චන්ද්‍රිකා විදානපතිරණ සහ ඇන්ඩි ශූබර්ට් ඇතුළු පිරිස විසින් සංස්කරණය කෙරුණි. ප්‍රවාද සඟරාවේ වත්මන් සංස්කාරකවරුන් ලෙස ප්‍රවීන් තිලකරත්න සහ දර්ශි තෝරදෙණිය කටයුතු කරන අතර එහි සම්බන්ධිකාරක ලෙස ආශාවරී කරුණානායක කටයුතු කරයි.