ලංකාවේ ජනවාර්ගික ගැටුම,සාමය සහ ඒවායේ වෙනස්වන ගතිකත්ව

Category:

Description

2007 වර්ෂයේ මැද දී ලියන ලද මෙම රචනයෙන් විභාග වන්නේ, ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් පවතින “ගැටුම් සහ සාම ප්‍රහේලිකායව” යි. ගැටුමට සම්බන්ධ ප්‍රධාන පාර්ශව, සාකච්ඡාමය මාර්ගයෙන් ගැටුම් සමථනය කිරීමට තිබූ අවස්ථා හා අවකාශ ගණනාවක්ම අතහැර දමා ඇත. දීර්ඝකාලීන යුද්ධය නිසා ඇතිවී තිබෙන ආර්ථික පසුබෑම්, සමාජ විනාශය, මානුෂීය බේදයන් හා දේශපාලන අර්බුද තබා 2004 දෙසැම්බර්වල සිදුවූ මහා සුනාමි ව්‍යසනය නිසාවත්, යුද්ධය අවසන් කර දේශපාලන විසදුමකට ඒ්මට ලංකාවේ ජනවාර්ගික ගැටුමේ  සෘජු මෙන්ම වක්‍ර පාර්ශ්වද තවමත් සුදානම් නැත. මේ රචනයෙන් පරීක්ෂා කෙරෙන ප්‍රහේළිකාව, එසේ වී ඇත්තේ මන්ද? යන්නයි.