නිව්ටන් ගුණසිංහ තෝරාගත් ලිපි 1

Category:

Description

නිව්ටන් ගුණසිංහ 1946  අපේ‍්‍රල් මාසයේදි නාවලපිටියේදි උපත ලැබිය. මුලික අධ්‍යාපනය නාවලපිටියෙදි ලැබු හෙතෙම ද්වි’තීයික අධ්‍යාපනය ගම්පොල වික‍්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් සම්පුර්ණ කොට උසස් අධ්‍යාපනය සදහා 1963 දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතූළු විය. 1973 දී ඔහු  ඕස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව සදහා ශාස්ත‍්‍රපති උපාධිය ලබා 1979 දි එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය අත්පත් කරගත්තේය.

ශි‍්‍ර ලංකාව විසින් ගොඩනැගූ දෘඪ මාක්ස්වාදී ශාස්ත‍්‍රභාවයකින් කටයුතු කළ ප‍්‍රථම මාක්ස්වාදි මානව විද්‍යාඥයා ලෙස නිව්ටන් ගුණසිංහ හදුන්වාදිය හැකිය. මාක්ස්වාදි න්‍යාය සමග තීව‍්‍ර‍්‍ර ක්ෂේත්‍ර පර්යේෂණය සංයෝජනය කරන ඔහුගේ ආචාර්ය උපාධි නිබන්දනය අවධානය යොමු කරන්නේද කන්ද උඩරට ගම්බද පෙදෙස්වල නිෂ්පාදන සම්බන්දතා කෙරෙහිය.