Pravada Online

වර්ල්ඩ් ක්ලාස් සිටී – අබ්දුල් හාලික් අසීස්

පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න “මේ ඉන්නේ පීඩනෝන්මාද නගරය. මේ දිග සියවස් ගම රට පුරා වැවිලා නේ? බුද්ධිමත් සත්ත්වයකු වගේ. රංගන ශිල්පියෙක්, මරු අනුකාරකයෙක්. පොයින්ට්ස්මන්! ඔක්කොම බලවේග හොරාට අච්චු ගැහෙනවා නේ? ආර්ථික-විද්‍යාව, ජන-විකාශනය? ඔව් ඔව්, අහඹුවත්…” තෝමස් පින්චන් ගුරුත්වාකර්ශනයේ දේදුන්න [Gravity’s Rainbow], 172 සිහිනයකින් කොළොම්පුර තනාගතිමි. අති පිවිතුරු මං පෙත්, නිකැළැල් නිමල බිත්ති හා බිම්, යසට ඇඳ …

වර්ල්ඩ් ක්ලාස් සිටී – අබ්දුල් හාලික් අසීස් Read More »

දේශපාලන කාටූන් හරහා ඉදිරිපත් කෙරෙන ප්ලේටෝගේ ‘රාජ්‍ය නෞකාව’ පිළිබඳ විමසුමක් – කල්පනී දඹගොල්ල

හැඳින්වීම සහ අරමුණ කලාව, දේශපාලනය හා නගරය යන සාධක තුන විවිධ කෝණයන් හරහා එකිනෙකට සම්බන්ධකොට දැක්විය හැකි අතර එම සම්බන්ධතා දාර්ශනික මානයකින් විශ්ලේෂණය කොට, අනාගතයේ සිදුවිය හැකි දේ කීමටත්, අතීතයේදී සිදු වූ දෑ තුළින් වර්තමානය පිළිබඳ විවේචන ඉදිරිපත් කිරීමටත් යොදාගත හැකි ය. එවන් දාර්ශනික සම්බන්ධතාවක් ගොඩනැගිය හැකි බොහෝ කරුණු, ක්‍රිස්තු පූර්ව 429-347 හි ජීවත් වූ …

දේශපාලන කාටූන් හරහා ඉදිරිපත් කෙරෙන ප්ලේටෝගේ ‘රාජ්‍ය නෞකාව’ පිළිබඳ විමසුමක් – කල්පනී දඹගොල්ල Read More »

‘ද නිවුස්පේපර්’: සිනමාවෙන් නිරූපිත ගම, නගරය සහ දේශපාලනය – ආශාවරී කරුණානායක

සිනමාව සමාජ යථාර්ථය සියුම්ව ස්පර්ශ කරන්නා වූ රසාස්වාද මාධ්‍යයකි. ඒ අනුව උසස් සිනමා කෘතියක් යනු සමාජ යථාර්ථය ගෙන හැර දක්වමින් ප්‍රේක්‍ෂකයා වෙත සිතීමේ අවකාශය විවර කරන්නකි; සමාජය වෙත කිසියම් පණිවුඩයක් සන්නිවේදනය කිරීමේ කාර්යයෙහි නියැලෙන්නා වූ මාධ්‍යයකි. එහිදී සිනමා මාධ්‍යයෙහි ඇති සෞන්දර්යාත්මක ආකර්ෂණය ප්‍රේක්‍ෂකයා ඒ වෙත රඳවාගැනීමට සමත්ව ඇත. ඒ අනුව සමාජ යථාර්ථය ගෙනහැර දැක්වීමේදී විවිධ …

‘ද නිවුස්පේපර්’: සිනමාවෙන් නිරූපිත ගම, නගරය සහ දේශපාලනය – ආශාවරී කරුණානායක Read More »

‘කවුද නියමාකාරයෙන් ජාතිකවාදී, කවුද නියමාකාරයෙන් ජාතිකවාදී නැත්තේ පිළිබඳව ඉන්දියාවේ ඉතිහාසඥයින් බොහෝ පිරිසක් ඕනෑවට වඩා හිතනවා’: සන්ජේ සුබ්‍රමනියම් සමග සම්මුඛ සාකච්ඡාවක් – වික්‍රම් සුට්ෂි

පරිවර්තනය: හිරණ්‍යදා දේවසිරි *2020 මැයි 30 The Hindu පුවත්පතේ පළ වූ සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනයකි. ‘ජාතිය’ අප තේරුම්ගන්නා ආකාරය වඩාත් ‘සංකීර්ණ’ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙම ඉතිහාසඥයා කතා කරයි. මුල් නූතන යුගය පිළිබඳ විශේෂඥයෙක් වන සන්ජේ සුබ්‍රමනියම් නම් ඉතිහාසඥයා මේ වන විට ලොස් ඇන්ජලීස්හි කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ ‘අර්වින් හා ජීන් ස්ටෝන් මුලසුන’ හොබවයි. ඉන්දියානු ඉතිහාසකරණයේ ගැටළු, …

‘කවුද නියමාකාරයෙන් ජාතිකවාදී, කවුද නියමාකාරයෙන් ජාතිකවාදී නැත්තේ පිළිබඳව ඉන්දියාවේ ඉතිහාසඥයින් බොහෝ පිරිසක් ඕනෑවට වඩා හිතනවා’: සන්ජේ සුබ්‍රමනියම් සමග සම්මුඛ සාකච්ඡාවක් – වික්‍රම් සුට්ෂි Read More »

චන්ද්‍රක්කා: 71 කැරැල්ලේ කැරලිකාරිනියන්ගේ අමතක කෙරූ භුමිකාව පිළිබඳ සංකේතයක් – සමල් විමුක්ති හේමචන්ද්‍ර

*මෙය දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ සහ ජර්මනියේ රෝසා ලක්සම්බර්ග් පදනමේ අධීක්ෂණය සහ ප්‍රතිපාදන යටගේ සිදු කෙරූ පර්යේෂණයකි. චන්ද්‍රා පෙරේරා, නැතිනම් ඇගේ සමීපතයින්ට අනුව ‘චන්ද්‍රක්කා’, සිය සැඳෑසමය නිදහසේ ගත කරන්නී ය. දැන් එසේ වූ නමුදු ඇගේ තරුණ කාලය ගත වුණේ සාමාන්‍ය තරුණයකු/තරුණියක ගත කරන ආකාරයෙන් නොවේ. සාමාන්‍ය තරුණයකු/තරුණියක  අවුරුදු විසි ගණන්වලදී හොඳ අධ්‍යාපනයක්, …

චන්ද්‍රක්කා: 71 කැරැල්ලේ කැරලිකාරිනියන්ගේ අමතක කෙරූ භුමිකාව පිළිබඳ සංකේතයක් – සමල් විමුක්ති හේමචන්ද්‍ර Read More »

ලෝක බැංකු සල්ලි සහ අපේ විශ්වවිද්‍යාල: ලෝක බැංකුවේ ණය ව්‍යාපෘති සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෑතකාලීන විපර්යාසය – කෞශල්‍යා පෙරේරා

දෙදහස් දාහතේ එක් දිනෙක මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (වි.ප්‍ර.කො.ස) පැවැත්වුණු රැස්වීමකට සහභාගී වුනෙමි. එය යම් ක්‍රියාවලියක් සංවිධානය කිරීම සඳහා සිදු කෙරුණකි. වෙනදා ලෙසම එදා ද ගෙවීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති විය. “එච්.ඊ.ටී.සී [එනම්, විශ්වවිද්‍යාලවලට ලැබුණු දෙවන ලෝක බැංකු ණය ව්‍යාපෘතිය] ගණන් මේකට දාන්න එපා, මේවා දැන් අපි තමයි ගෙවන්නේ’ යි එක් ආචාර්යවරයකු අනෙක් අයට කී …

ලෝක බැංකු සල්ලි සහ අපේ විශ්වවිද්‍යාල: ලෝක බැංකුවේ ණය ව්‍යාපෘති සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෑතකාලීන විපර්යාසය – කෞශල්‍යා පෙරේරා Read More »

පර්යේෂණ ‘ප්‍රශ්න පොදි’: ගෝලීය උතුර හා දකුණ අතර පර්යේෂණ සහයෝගිතා තුළ තිබෙන සංකල්පීය හා ශ්රම ධූරාවලි පිළිබඳ ආවර්ජනයක් – වගීෂා ගුණසේකර

පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න *The European Journal of Development Research 32 (2020) හි පළ වූ කතුවරියගේම ‘(Un)packing Baggage: A Reflection on the ‘Battle Over Ideas’ and Labour Hierarchies in Collaborative North-South Research’ ලිපිය ඇසුරෙනි. හැඳින්වීම වරෙක මම පාරම්පරික වෙද ශාස්ත්‍රයෙහි නියැලෙන සෙනෙවිරත්න වෙද මහත්තයා සමග රෝග විනිශ්චය, ‘දැනුම’ සහ පර්යේෂණය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කළෙමි. එම සාකච්ඡාවේ, …

පර්යේෂණ ‘ප්‍රශ්න පොදි’: ගෝලීය උතුර හා දකුණ අතර පර්යේෂණ සහයෝගිතා තුළ තිබෙන සංකල්පීය හා ශ්රම ධූරාවලි පිළිබඳ ආවර්ජනයක් – වගීෂා ගුණසේකර Read More »

මුවාවී ම – ඵුසති ලියනාරච්චි

උඹ උඹේ රහස් මට කියාවියි මං බලාපොරොත්තු ගොඩගහගත්තෙ උඹ හිටපු දිහාවට එන්න මට අවසර ලැබෙන්නටත් කලියෙන්. බයක් සැකක් නැතුව ඒ දොර දෙකෙන් ඇතුළට ඇවිදින්න බැ​රි තරම් පුං​චි කාලේ, උඹව යන්තමටවත් බලාගන්න කියලා හැම හෑන්​දෑවෙ මං නහ​යේ බර තියාගන මීදුම් හුස්ම හෙළද්දී, සුණු විසිණු වෙන්න​ට තරම් සද්දෙන් වැදුණු මගේ හදවත ඉස්සර​හ සීත නිස්සද්​ද ​වීදුරුව ගැහුනෙව​ත් නැ​හැ. …

මුවාවී ම – ඵුසති ලියනාරච්චි Read More »

හැඳින්වීමක් වෙනුවට සටහන් කිහිපයක්: ආවර්ජනය, මෙලන්කෝලියාව සහ කලකිරීම – ප්‍රවීන් තිලකරත්න

හැඳින්වීමක් සඳහා, නැතහොත් හැඳින්වීමක් වෙනුවට, සටහන් කිහිපයක් පාඨකයා හා තැබීමට කැමැත්තෙමි. ඒ, ‘ආවර්ජනා’ යන පුළුල් තේමාවට විවිධ ආකාරවලින්, ඇතැම්විට ඉතා වක්‍රාකාරයෙන්, සම්බන්ධ වන මෙම වෙළුමට ඇතුළත් රචනා තුන හා කෙටිකතාව ස්ථානගත කර දැක්වීමට ය. ඊට ප්‍රථමයෙන් ප්‍රවාද සඟරාවේ පුනරුත්පත්තිය පිළිබඳව ද යමක් කිව යුතු වේ. වසර කිහිපයක්ම අක්‍රීයව තිබූ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ ප්‍රවාද සඟරාව යළි …

හැඳින්වීමක් වෙනුවට සටහන් කිහිපයක්: ආවර්ජනය, මෙලන්කෝලියාව සහ කලකිරීම – ප්‍රවීන් තිලකරත්න Read More »