Pravada Online

සමු(නො)ගැනීම – සන්ධ්‍යා එක්නැළිගොඩ

*ජ්‍යෙෂ්ඨ නීතීඥ සහ මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිනී මනෝරි මුත්තෙට්ටුවේගම මතකානුස්මරණයකි. එදත් මා සුපුරුදු පරිදි ගියෙමි – දකින්නට – විඳින්නට මනෝරිගෙ මන බැඳි ප්‍රේමය පිය නගද්දී මා පසුකර ගිය කාක්කෙක් පැවසීය බොහෝ අමුත්තන් පැමිණ ඇති වග තුඩ තුඩ මුමුණනා ඔවුන් අතරත් ඇය සොයා ගත නොහී වෙහෙස වෙයි නෙත් තව තවත් අහා… විශ්මයකි මිදුලේ නොපිපුණ  සාලයේ මැද පිපුණු …

සමු(නො)ගැනීම – සන්ධ්‍යා එක්නැළිගොඩ Read More »

භංගුර පරමත්වයේ අධ්‍යාත්මය ලුහුබඳින්නා: තර්කොව්ස්කි – බූපති නලින් වික්‍රමගේ

සෞන්දර්ය නිෂ්පාදනයේ මූලිකම අරගල කලාපයක් ලෙස අපට මනෝමය අත්විඳීම් වස්තුකරණයක් ලෙස ප්‍රතිනිර්මාණය දැකිය හැක. පංචේන්ද්‍රියන්ගේ ග්‍රහණයට ඔබ්බෙහි වූ ලෝකයක් පරිකල්පනය කිරීම නූතන මිනිස් ශිෂ්ටාචාරයේ ප්‍රාරම්භයයි. පළමුව ස්වාභාවික ලෝකයට අයත් නොවන පරිකල්පනයන් ලෙස වර්ධනය වූ මිනිස් සංස්කෘතිය එහි පරිණාමය පුරාවට මිනිස් ගොඩනැංවීම් ලෙස අභිමුඛ වන වස්තූන්හි අනුභූතික (empirical) ගුණය අභිබවා උත්කර්ෂිත (sublime) මනෝලිංගික වස්තුකරණයකට ලක් කෙරේ. …

භංගුර පරමත්වයේ අධ්‍යාත්මය ලුහුබඳින්නා: තර්කොව්ස්කි – බූපති නලින් වික්‍රමගේ Read More »

යටත්විජිත පාලනය හා කොළඹ යටත්විජිත වරාය නගරයේ වෙනස්වන ජන සංයුතිය – එම්. ශ්‍රියානි ගුණරත්න

හැඳින්වීම වර්තමාන ලාංකේය සමාජයේ වරාය නගර සංකල්පය ජනප්‍රිය වන්නේ චීන රජයේ ආධාරවලින් ගොඩනංවමින් පවතින කොළඹ වරාය නගරයත් සමගයි. අද වන විට ලෝකය පුරා ස්වාභාවික වරායන් වටා වර්ධනය වී ඇති වරාය නගර මෙන්ම, කෘත්‍රිමව ගොඩනැංවූ වරාය නගර ගණනාවක් ද ජාත්‍යන්තර වෙළෙඳ ජාලය තුළ ක්‍රියාත්මක වෙමින් පවතියි. එනමුත් වරාය නගරවල බිහිවීම දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියයි. බටහිර යටත්විජිතවාදයේ …

යටත්විජිත පාලනය හා කොළඹ යටත්විජිත වරාය නගරයේ වෙනස්වන ජන සංයුතිය – එම්. ශ්‍රියානි ගුණරත්න Read More »

ප්‍රවාද ප්‍රණාම – මාලතී ද අල්විස් (1963-2021) සහ කද්රි ඉස්මයිල් (1961-2021)

මෙරට ශාස්ත්‍රීය අධ්‍යයනයට ඉමහත් සේවයක් ඉටු කළ මාලති ද අල්විස් සහ කද්රි ඉස්මයිල් යන විද්‍යාර්ථීන් දෙපළගේ අභාවය ප්‍රවාද සඟරාවේ අප විසින් සිහිපත් කරන්නේ බලවත් ශෝකයෙනි. Polity සඟරාව සඳහා ඇන්ඩි ශූබර්ට් කද්රි ඉස්මයිල් පිළිබඳ ලියූ අනුස්මරණයේ සඳහන් පරිදි, මොවුහු දෙදෙනාම 1980 ගණන්වල කරලියට පැමිණි, ශ්‍රී ලංකාව තුළ අනන්‍යතාව, ජනවාර්ගිකත්වය, ජාතිකවාදය, සමාජ ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්වය සහ ප්‍රතිරෝධය පිළිබඳ …

ප්‍රවාද ප්‍රණාම – මාලතී ද අල්විස් (1963-2021) සහ කද්රි ඉස්මයිල් (1961-2021) Read More »

වර්ල්ඩ් ක්ලාස් සිටී – අබ්දුල් හාලික් අසීස්

පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න “මේ ඉන්නේ පීඩනෝන්මාද නගරය. මේ දිග සියවස් ගම රට පුරා වැවිලා නේ? බුද්ධිමත් සත්ත්වයකු වගේ. රංගන ශිල්පියෙක්, මරු අනුකාරකයෙක්. පොයින්ට්ස්මන්! ඔක්කොම බලවේග හොරාට අච්චු ගැහෙනවා නේ? ආර්ථික-විද්‍යාව, ජන-විකාශනය? ඔව් ඔව්, අහඹුවත්…” තෝමස් පින්චන් ගුරුත්වාකර්ශනයේ දේදුන්න [Gravity’s Rainbow], 172 සිහිනයකින් කොළොම්පුර තනාගතිමි. අති පිවිතුරු මං පෙත්, නිකැළැල් නිමල බිත්ති හා බිම්, යසට ඇඳ …

වර්ල්ඩ් ක්ලාස් සිටී – අබ්දුල් හාලික් අසීස් Read More »

දේශපාලන කාටූන් හරහා ඉදිරිපත් කෙරෙන ප්ලේටෝගේ ‘රාජ්‍ය නෞකාව’ පිළිබඳ විමසුමක් – කල්පනී දඹගොල්ල

හැඳින්වීම සහ අරමුණ කලාව, දේශපාලනය හා නගරය යන සාධක තුන විවිධ කෝණයන් හරහා එකිනෙකට සම්බන්ධකොට දැක්විය හැකි අතර එම සම්බන්ධතා දාර්ශනික මානයකින් විශ්ලේෂණය කොට, අනාගතයේ සිදුවිය හැකි දේ කීමටත්, අතීතයේදී සිදු වූ දෑ තුළින් වර්තමානය පිළිබඳ විවේචන ඉදිරිපත් කිරීමටත් යොදාගත හැකි ය. එවන් දාර්ශනික සම්බන්ධතාවක් ගොඩනැගිය හැකි බොහෝ කරුණු, ක්‍රිස්තු පූර්ව 429-347 හි ජීවත් වූ …

දේශපාලන කාටූන් හරහා ඉදිරිපත් කෙරෙන ප්ලේටෝගේ ‘රාජ්‍ය නෞකාව’ පිළිබඳ විමසුමක් – කල්පනී දඹගොල්ල Read More »

‘ද නිවුස්පේපර්’: සිනමාවෙන් නිරූපිත ගම, නගරය සහ දේශපාලනය – ආශාවරී කරුණානායක

සිනමාව සමාජ යථාර්ථය සියුම්ව ස්පර්ශ කරන්නා වූ රසාස්වාද මාධ්‍යයකි. ඒ අනුව උසස් සිනමා කෘතියක් යනු සමාජ යථාර්ථය ගෙන හැර දක්වමින් ප්‍රේක්‍ෂකයා වෙත සිතීමේ අවකාශය විවර කරන්නකි; සමාජය වෙත කිසියම් පණිවුඩයක් සන්නිවේදනය කිරීමේ කාර්යයෙහි නියැලෙන්නා වූ මාධ්‍යයකි. එහිදී සිනමා මාධ්‍යයෙහි ඇති සෞන්දර්යාත්මක ආකර්ෂණය ප්‍රේක්‍ෂකයා ඒ වෙත රඳවාගැනීමට සමත්ව ඇත. ඒ අනුව සමාජ යථාර්ථය ගෙනහැර දැක්වීමේදී විවිධ …

‘ද නිවුස්පේපර්’: සිනමාවෙන් නිරූපිත ගම, නගරය සහ දේශපාලනය – ආශාවරී කරුණානායක Read More »

‘කවුද නියමාකාරයෙන් ජාතිකවාදී, කවුද නියමාකාරයෙන් ජාතිකවාදී නැත්තේ පිළිබඳව ඉන්දියාවේ ඉතිහාසඥයින් බොහෝ පිරිසක් ඕනෑවට වඩා හිතනවා’: සන්ජේ සුබ්‍රමනියම් සමග සම්මුඛ සාකච්ඡාවක් – වික්‍රම් සුට්ෂි

පරිවර්තනය: හිරණ්‍යදා දේවසිරි *2020 මැයි 30 The Hindu පුවත්පතේ පළ වූ සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනයකි. ‘ජාතිය’ අප තේරුම්ගන්නා ආකාරය වඩාත් ‘සංකීර්ණ’ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙම ඉතිහාසඥයා කතා කරයි. මුල් නූතන යුගය පිළිබඳ විශේෂඥයෙක් වන සන්ජේ සුබ්‍රමනියම් නම් ඉතිහාසඥයා මේ වන විට ලොස් ඇන්ජලීස්හි කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ ‘අර්වින් හා ජීන් ස්ටෝන් මුලසුන’ හොබවයි. ඉන්දියානු ඉතිහාසකරණයේ ගැටළු, …

‘කවුද නියමාකාරයෙන් ජාතිකවාදී, කවුද නියමාකාරයෙන් ජාතිකවාදී නැත්තේ පිළිබඳව ඉන්දියාවේ ඉතිහාසඥයින් බොහෝ පිරිසක් ඕනෑවට වඩා හිතනවා’: සන්ජේ සුබ්‍රමනියම් සමග සම්මුඛ සාකච්ඡාවක් – වික්‍රම් සුට්ෂි Read More »

චන්ද්‍රක්කා: 71 කැරැල්ලේ කැරලිකාරිනියන්ගේ අමතක කෙරූ භුමිකාව පිළිබඳ සංකේතයක් – සමල් විමුක්ති හේමචන්ද්‍ර

*මෙය දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ සහ ජර්මනියේ රෝසා ලක්සම්බර්ග් පදනමේ අධීක්ෂණය සහ ප්‍රතිපාදන යටගේ සිදු කෙරූ පර්යේෂණයකි. චන්ද්‍රා පෙරේරා, නැතිනම් ඇගේ සමීපතයින්ට අනුව ‘චන්ද්‍රක්කා’, සිය සැඳෑසමය නිදහසේ ගත කරන්නී ය. දැන් එසේ වූ නමුදු ඇගේ තරුණ කාලය ගත වුණේ සාමාන්‍ය තරුණයකු/තරුණියක ගත කරන ආකාරයෙන් නොවේ. සාමාන්‍ය තරුණයකු/තරුණියක  අවුරුදු විසි ගණන්වලදී හොඳ අධ්‍යාපනයක්, …

චන්ද්‍රක්කා: 71 කැරැල්ලේ කැරලිකාරිනියන්ගේ අමතක කෙරූ භුමිකාව පිළිබඳ සංකේතයක් – සමල් විමුක්ති හේමචන්ද්‍ර Read More »

ලෝක බැංකු සල්ලි සහ අපේ විශ්වවිද්‍යාල: ලෝක බැංකුවේ ණය ව්‍යාපෘති සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෑතකාලීන විපර්යාසය – කෞශල්‍යා පෙරේරා

දෙදහස් දාහතේ එක් දිනෙක මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (වි.ප්‍ර.කො.ස) පැවැත්වුණු රැස්වීමකට සහභාගී වුනෙමි. එය යම් ක්‍රියාවලියක් සංවිධානය කිරීම සඳහා සිදු කෙරුණකි. වෙනදා ලෙසම එදා ද ගෙවීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති විය. “එච්.ඊ.ටී.සී [එනම්, විශ්වවිද්‍යාලවලට ලැබුණු දෙවන ලෝක බැංකු ණය ව්‍යාපෘතිය] ගණන් මේකට දාන්න එපා, මේවා දැන් අපි තමයි ගෙවන්නේ’ යි එක් ආචාර්යවරයකු අනෙක් අයට කී …

ලෝක බැංකු සල්ලි සහ අපේ විශ්වවිද්‍යාල: ලෝක බැංකුවේ ණය ව්‍යාපෘති සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෑතකාලීන විපර්යාසය – කෞශල්‍යා පෙරේරා Read More »