Sri Lankawe Kamkaru Panthi Vyaparaye Keti Ithihasaya

Categories: ,

Description

කුමාරි ජයවර්ධන Nobodies to Somebodies – The Rise of the Colonial Bourgeoisie in Sri Lanka, Ethnic and Class Conflicts in Sri Lanka, Feminism and Nationalism in the Third World සහ The White Woman’s Other Burden යන කෘතීන්වල කතුවරියයි. ඇය කොළඹ විශ්ව විද්‍යාලයේදී දේශපාලන විද්‍යාව ඉගැන්වූ හිටපු සහාය මහාචාර්යවරියකි. දැන් ඈ එම විශ්ව විද්‍යාලයේ ස්ත‍්‍රී අධ්‍යයන වැඩසටහනේ ඉගැන්වීම් කටයුතුවල නිරත වෙයි.

මෙම කෘතිය පළවීමත් සමගම නූතන ශ‍්‍රී ලාංකීය ඉතිහාසයේ ඇරී තිබූ සැලකියයුතු තරම් විශාල විවරයක් ඇහිරී යන බව කිව යුතුය. මන්ද කියනවා නම්, දිවයිනේ කම්කරු පංති ව්‍යාපාරය ගැන කරන ලද ප‍්‍රථම අධ්‍යයනය එය නිසාය. මතුවෙමින් තිබූ කම්කරු පංති ව්‍යාපාරය, බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයත් වැඩෙන ජාතිකවාදයත් සමග ගොඩනගා ගෙන තිබූ සම්බන්ධකම් විශ්ලේෂණය කිරීම කෘතියේ විෂයපථයයි.

ශ‍්‍රී ලංකාව 1880-1993 යන වකවාණුව තුලදී වැදගත් ආර්ථික විපර්යාසවලට භාජනය විය. ඊට අමතරව ඉන්දියානු හා අයර්ලන්ත ජාතිකවාදය, රුසියානු-ජපන් යුද්ධය, බි‍්‍රතාන්‍යයේ ලිබරල්වාදී හා සමාජවාදී චින්තනය ශ‍්‍රී ලංකාවේ සමාජ සහ දේශපාලන අදහස් උදහස්වලට මහත් බලපෑම් ඇති කළේය. එමෙන්ම කෘතියෙන් ආවරණය කෙරෙන අවුරුදු පනහක් තුල දියත් වූ වැඩවර්ජන විසින් ජාත කරන ලද දේශපාලන ආනිශංසද ඊට එක් විය. මෙතෙක් දැන සිටි සහ නෙදැන සිටි වෘත්තීය සමිති නායකයින් ගැන කතුවරිය නව ඇගැයුමක් ද ඉදිරිපත් කරයි. ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය තුල ඔවුනට හිමි තැන ගැන දැන් සාකච්ඡුාවට භාජනයවීම සතුටට කරුණකි.

මෙම කෘතිය රචනා කිරීමේ දී කතුවරිය ජාතික ලේඛනාගාරයේ සහ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල තැන්පත්කර තිබෙන මූලාශ‍්‍රද ලන්ඩනයේ තිබෙන මෙතෙක් පළ නොකරන ලද නිල ලේඛනද භාවිතා කොට තිබේ. ආවරණය කෙරෙන කාල පරිච්ෙඡ්දය තුල දේශපාලනය හා වෘත්තීය සමිති ව්‍යාපාරවල ක‍්‍රියාත්මක වශයෙන් නියැලී සිටි චරිත ගණනාවක්ම සමග කතුවරිය සාකච්ඡුා පවත්වා තිබේ. ඒ සියල්ලේ ප‍්‍රතිඵලය, සංවර්ධනය වන රටවල ක‍්‍රියාත්මක වන නූතනකරණ ක‍්‍රියාවලිය පිළිබඳ කෙරෙන අධ්‍යයනයකි. අද්‍යකාලීන ශ‍්‍රී ලංකාව අවබෝධ කිරීම සඳහා අත්‍යවශ්‍යවන තොරතුරු රැුසක් මෙම කෘතියෙහි අඩංගු වෙයි.