Rajya Prathisanskarana: Monawada? Kumatada? Katada?

Categories: ,

Description

දේශපාලන ප‍්‍රතිසංස්කරණ කළ යුතුද නැද්ද යන්න ලංකාවේ සමකාලීන දේශපාලන විවාදයේ ඇති කේන්ද්‍රීය තේමාවකි. දේශපාලන ප‍්‍රතිසංස්කරණ යනු අවසාන විග‍්‍රහයේදී ලංකාවේ පවත්නා රාජ්‍යයේ ව්‍යුහය වෙනස් කිරීම පිළිබඳ ගැටළුවක්ද වේ. ලංකාවේ දේශපාලනය දැනට එම ගැටලූවේ සිර වී ඇත.

එම ගැටළුව පිළිබඳ තරමක් ගැඹුරු දේශපාලන අවබෝධයක් පාඨකයාට ලබාදීමටත්, එමගින් අප සමාජයේ දේශපාලන විඥානය තියුණු කිරීමටත් මේ කුඩා කෘතියෙන් දායකත්වයක් ලැබේ. මෙය කියවන පාඨකයින්ට, රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ගැටලූවෙන් ලංකාව ගැළවෙන්නේ කෙසේද යන්න ගැන ප‍්‍රයෝජනවත් ඇඟවීම් ලබාගැනීමටද හැකිවනු ඇත.