Okkoma Rajawaru Okkoma Wasiyo

Category:

Description

රාජ්‍යය යනු මනුෂ්‍යයින්ට ඇතුවත් බැරි, නැතුවත් බැරි යථාර්ථයකි. රාජ්‍යයේ ආයතන, පුද්ගලයින්, භාවිතාවන්, නීතිරීති සහ රාජ්‍යයේ චර්යාවේ පළවිපාක අපි දිනපතාම, එදිනෙදා ජීවිතයේ සෑම විටකම අත් විඳින්නෙමු.

එසේ වුවත්, රාජ්‍යය යනු දේශපාලන දර්ශනය සහ න්‍යාය තුළ පවතින අතිශයින් විවාදාත්මක තේමාවකි. එය දේශපාලන විග‍්‍රහයේ සහ පරිකල්පනයේද කේන්ද්‍රීය ලක්‍ෂ්‍යය වේ.

මේ පොත ලියා ඇත්තේ මෙම වැදගත් සහ විවාදාත්මක තේමාව පිළිබඳව පුළුල්ව මෙන්ම ගැඹුරු හැඳින්වීමක් පාඨකයාට ලබා දෙනු පිණිසය. එය උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට මෙන්ම වෘත්තීය දේශපාලනඥයන්ටද, දේශපාලන කාර්යධරයන්ටද, දේශපාලන වශයෙන් සවිඥානික පුරවැසියන්ටද එකසේ ප‍්‍රයෝජනවත් කෘතියකි.